වසරකුත් දවසකට පසු ධනුෂ්ක දිවයිනට

336

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ (03 වැනිදා) රාත්‍රියේ දී දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

එම තරගාවලිය නිමවා පසුගිය නොවැම්බර් 06 වැනිදා යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිටියදී ධනුෂ්ක අදාළ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ අතර මාස 11 ක කාලයක් පුරා පැවැති නඩු විභාගයෙන් පසුව පසුගිය 29 වැනිදා ධනුෂ්ක නිදොස් කොට නිදහස් කිරීමට එරට සිඩ්නි අධිකරණය තීරණය කළේය.

අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඔක්තෝබර් 02 වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේය.


advertistmentadvertistment