වාහන ආනයන බදු ඉහළ යන හැටි

563

ඉදිරියේදී වාහන ආනයනයේදී වාහන මත පැනවෙන සියයට 300ක පමණ ආනයන බදු සියයට 400 හෝ සියයට 500 ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ වැගන් ආර් වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18 ඉක්මවා යා හැකි බවය.

එමෙන්ම විට්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වා ඉහළ යා හැකිය.

ටොයොටා ඇක්වා, කොරොලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යන බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.


advertistmentadvertistment