වැඩ තහනමට ලක්කර හෝ සේවය අතහැර ගොස් සිටි පොලිස් නිලධාරීන් නැවත සක්‍රීය සේවයට පැමිණෙනවා නම් පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පරීක්‍ෂණයකට යොමුවිය යුතු බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොල්ස් ස්ථානාධිපතිවරුන් දක්වා මෙම දැනුම්දීම සිදුකර ඇති අතර වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රීය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ගැනීමේ පරීක්‍ෂණයට පෙනී සිටිය යුතු බව එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.
කිසියම් නිලධාරියකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම් නැවත සේවයේ පිහිටුවීම හෝ සක්‍රීය ස්වයට එක්වීමට අවස්ථාව නොදිය යුතු අතර ඒ සම්බන්ධයෙන් පවතින විධිවිධාන යටතේ අවශ්‍ය පියවර ගතයුතු බවද එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
නෝමන් පළිහවඩන, චමින්ද සිල්වා