වැඩ බලන නීතිපති අද දිවුරුම් දෙයි

24

පුරප්පාඩුව පවතින නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් කේ. ඒ. පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා අද (01දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව වසර 30කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා මේ වනවිට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා (කනිෂ්ඨ) එකී තනතුරට අමතරව වැඩබලන නීතිපතිවරයා ලෙස පසුගිය 22 වැනිදා සිට ලබන 11 වැනිදා දක්වාවූ කාලය සඳහා එක් කිරීමට ජනාධිතිවරයා පියවර ගෙන තිබිණි.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා නිල කාලය අවසන්වීම නිසා පසුගිය 26 වැනිදා විශ්‍රාම ගොස් තිබිණි. ඔහුගේ සේවා කාලය මාස හයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් කර තිබූ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර තීන්දුවෙන් අවස්ථා දෙකකදීම ප්‍රතික්‍ෂේප වීම නිසා සංජේ රාජරත්නම් මහතා නීතිපති ධුරයෙන් විශ්‍රාම ගොස් තිබිණි. පාරින්ද රණසිංහ මහතා කීර්තිමත් අගවිනිසුරුවරයකු වන පාරින්ද රණසිංහ (ජ්‍යෙෂ්ඨ) මහතාගේ පුත්‍රයෙකි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment