අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 53,888කට අයත් පුද්ගලයින් 143,726දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සහ ඥාති නිවාසවල රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් 20 දෙනෙක් තුවාල ලබා සිටිති.
පවුල් 45,418කට අයත් පුද්ගලයින් 116,209දෙනෙක් ඥාති නිවාසවල සිටිති. ආරක්ෂිත ස්ථාන 229ක පවුල් 8470කට අයත් පුද්ගලයින් 27,517දෙනෙකු රැඳී සිටිති.
නිවාස 103ක් පූර්ණ හානියට ලක්ව ඇති අතර නිවාස 2635ක් අර්ධ හානියට ලක්ව තිබේ.
මේ වන විට දිස්ත්‍රික්ක 24ක පවුල් 142,624කට අයත් පුද්ගලයින් 479,871දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.