විජයදාසගේ සභාපති බලය උසාවියෙන් නිෂ්ක්‍රීය කරයි

196

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස විධායක සභා රැස්වීමකදී පත්වූ විජයදාස රාජපක්‍ෂ මහතාගේ හා වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත මහතාගේ පක්‍ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් තම අධිකරණය විසින් පසුගිය 13 වැනිදා නිකුත්කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය ඊයේ (31 දා) නියෝග කළාය.

පසුගිය 12වැනිදා පෙරකී දෙදෙනා ඇතුළු පිරිසක් එකී තනතුරුවලට තේරී පත් වූයේ යැයි කියන විධායක සභා රැස්වීම පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි විධායක සභාවක් බව කියමින් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ඇතුළු නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය. වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු අනුව 2024.5.12 වැනිදා පැවැත් වූයේ යැයි කියන විධායක සභා රැස්වීම නෛතික විධායක සභාවක් නොවන බව තම අධිකරණයට පෙනී යන බවත් එම නියෝගය නිකුත්කරමින් පෙන්වා දුන් දිසා විනිසුරුවරිය නීත්‍යනුකූල නොවන විධායක සභාවකදී ගනු ලබන තීරණ ද නීත්‍යානුකූල නොවන බව ද පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක කමිටු සාමාජිකයන් දෙදෙනකු වන ඉසුරු අබේවර්ධන හා සුමිත් විජයමුණි ද සිල්වා යන මහත්වරුන් විසින් පෙරකී පෙත්සම ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment