විශාරද සුරංජි ශ්‍යාමලීගේ ‘සප්ත සුරාගී’ Live in concert ජූලි 7 දා..

29

ප්‍රවීණ ගායන ශිල්පිනි, හින්දි භාෂා කථිකාචාරිනි, විශාරද සුරංජි ශ්‍යාමලීගේ “සප්ත සුරාගී” Suranji Shamali Live in concert ජූලි 7 වැනිදා සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳව ඇය “දිවයින සිනමා කලා” වෙත පැවසුවේ මෙවැන්නකි.

‘ඇත්තටම මම සංගීත ක්ෂේත්‍රයට යොමුවී මේ වන විට වසර විස්සක් පමණ ගතවෙලා. එදා සිට අද දක්වා සිංහල, හින්දි, දෙමළ භාෂාවලින් ගීත ගායනා කර තිබෙනවා. ඒ නිසාම තමයි මට හිතුණේ මෙවැනි ප්‍රසංගයක් සූදානම් කරන්න. මේ ප්‍රසංගය මගේ සංගීත දිවියට විශේෂයි. මේ මගේ හත්වැනි ගී ප්‍රසංගය.

මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පි රාජේෂ් පංචාර්. ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු හඳුන්වන්නේ ‘දෙවැනි මොහොමඩ් රාෆි’ ලෙසයි. මෙම ප්‍රසංගයට මම කළ ආරාධනාවට පසු ඔහු මගේ හින්දි ගායනය, භාෂාව ඇදිය පිළිබඳව අවබෝධයක් ලබාගත්තා. ඊට පස්සෙ තමයි ප්‍රසංගය සඳහා සහභාගි වන බව පැවසුවේ. ඔහු සමග මම හින්දි ගීත කිහිපයක්ම ප්‍රසංගයේදී ගායනා කරනවා. ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පි දයාන් විතාරණ, පූර්ණ සචින්ත, හේමාල් වාහලතන්ත්‍රී යුග ගායනාවලින් එකතු වෙනවා. ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ ප්‍රියන්ත ගමගේ ප්‍රමුඛ ප්‍රවීණ වාදන ශිල්පීන් පිරිසක්. නර්තන නිර්මාණය මල්මී තිලංගා රංගායතනය. නිවේදන කටයුතුවලින් දායක වන්නේ ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටි මහතා.

advertistmentadvertistment
advertistmentadvertistment