ගරාජයකට ගසක් කඩා වැටී 3ක් මරුට ගරාජයේ හිමිකරුට බරපතළයි

193

අකුරැස්ස, අමලගොඩ මංසන්ධියේ ගම්පලගේ මෝටර්ස් ගරාජයට දිරාපත්වූ විශාල ගසක් කඩා වැටීමෙන් එම ගරාජය තුළ සිටි එක් අයකු එම ස්ථානයේම මියගිය අතර රෝහල්ගත කළ තුවාලකරුවන් දෙදෙනකු මියගියහ.

22 වෙනිදින දහවල් 11.00 ට පමණ හමාගිය අධික සුළං තත්ත්වය මත දිරාපත්ව තිබූ මෙම විශාල හික් ගස ගරාජය තුළට ඇද වැටුනි. සිය වාහනයේ කාර්මික දෝෂය නිවැරදිකරවා ගැනීමට ගරාජයට පැමිණ එහි වාඩිවී සිටි අකුරැස්ස, මැලැව්ව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 73 හැවිරිදි ඒ. එච්. අමරදාස නැමැති අය වාඩිවී සිටි ස්ථානයේම මියගියේය. ගරාජයේ සේවය කරන 28 වියැති අකුරැස්ස, යාකබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකුවූ බුද්ධික පරණවිතාන මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

බරපතළ තුවාල සහිතව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද මාතර, නූපේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි සුජීව සම්පත් නැමැත්තාද පසුව මියගිය

ගොස් ඇත. බරපතළ තුවාල ලැබූ ගරාජයේ අයිතිකරු වන නදීර කුමාර ගම්පලගේ සහ ගරාජය තුළ සිටි සුගත් එදිරිවීර යන දෙදෙනාද ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීර මහතාගේ උපදෙස් මත

අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූ අතර මාතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පරීක්ෂණ කටයුතුවල නියැලුණි.

අකුරැස්ස කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක අනුර ප්‍රේමසිරි මහතා විසින් මරණ පරීක්ෂණය පවත්වා එම ස්ථානයේම මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මාතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යැවීමට නියෝග කළේය.
සමන් උපුල් පිනිදිය – අතුරලිය, ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment