වෘකයන් තිදෙනකු සපා කෑ ප්‍රංශයේ කාන්තාවක් රෝහලට

7

ප්‍රංශයේ පැරිස් අගනුවරට යාබදව පිහිටි “තොයිරි” සත්ත්වෝද්‍යානයේ සිටින වෘකයන් තුන්දෙනකු විසින් සපා කෑම හේතුවෙන් දරුණු තුවාල ලැබූ 37 හැවිරිදි කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කර තිබේ. වෘකයන් විසින් අදාළ කාන්තාවගේ ගෙල පෙදෙස, පාදයේ පහළ කොටස හා ශරීරයේ පිටුපස කොටස දරුණු ලෙස සපා කා ඇති බව වාර්තා වී තිබේ.

ප්‍රංශයේ පැරිස් අගනුවරට සැතපුම් 25ක් දුරින් පිහිටි “තොයිරි ” සත්ත්වෝද්‍යානයේ ව්‍යායාම සඳහා ඇවිදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබේ. කාන්තාව බේරාගැනීම සඳහා පුද්ගලයෙකු ගිය විටදී වෘකයන් තිදෙනා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ. වෘකයන් සපා කෑමට තුඩු දෙන ආකාරයේ වරදක් අනතුරට පත් කාන්තාව විසින් සිදු කළේ දැයි යන්න පැහැදිලි නැතැයි සත්ත්වෝද්‍යාන බලධාරීහු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment