ශ්‍රී බු : ව 2569 වන උතුම් වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබේ .
බුදුරජාණන්වහන්සේගේ ඉපදීම , බුදුවීම හා පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි.
ඒ අසිරිමත් තෙමඟුල සිහි කරමින් සකල බෞද්ධ ජනතාව වෙසක් පොහෝ දිනය සමරනු ලබන්නෝය .
ඒ සියලු , බෞද්ධ ජනතාව ආමිස පුජාවෙන් සහ ප්‍රතිපත්ති පුජාවෙන් තමන්ගේ වත් පිළිවෙත් අද දිනයේ සපුරනු ලබන්නෝ ය .
බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයකදීය .
බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලක්දිව කැලණි පුරයට වැඩම කළ සේක .
එවන් අසිරිමත් දිනෙක , බැතිබර ඔබට පින්බර වෙසක් මංගල්‍යක් වේවායි පතමු !