වෙස්ලි විදුහලට පෙරළිකාර ජයක්

115

ඩයලොග් රග්බි තරගාවලිය

“ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ 06 වැනි සතියේ අවසන් තරගය ලෙස කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර තරගය ඉරිදා (28දා) නිත්තවෙල ක්‍රීඩා පිටියේ දී පැවති අතර එහිදී ලකුණු 34 – 20 ක් ලෙස පෙරළිකාර ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට වෙස්ලි ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය ඇරඹී ප්‍රථම භාගයේ දී ලකුණු 17 – 14 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක විද්‍යාර්ථ විදුහල සමත් විය.

දෙවන භාගය තුළ ආරක්ෂාකාරී ක්‍රීඩා පිළිවෙත දැඩි කරමින් වෙස්ලි විදුහල දියත් කළ ප්‍රවේගවත් ආක්‍රමණය හේතුවෙන් ලකුණු 14 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

ගෝල් දිනුම් 04 ක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගැනීමට වෙස්ලි විදුහල සමත් වන අතර වාරයේ දී විද්‍යාර්ථ විදුහලට ලබාගත හැකි වූයේ ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් පමණකි.

උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 02 සමගින් ප්‍රවර්තන 04 ක් නිවැරදි එල්ලයට යොමු කරමින් වෙස්ලි ජයග්‍රහණය සනාථ කිරීමට අබ්දුල් හාදී සමත් වීම ඉහළ අගයක් ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment