සේවක සේවිකාවෝ 2000ක් අනතුරේ
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය සේවක සේවිකාවන් 2,000ක් පමණ සේවය කළ නෙක්ස්ට් (NEXT) නමැති ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව ඊයේ (20 දා) සිට හදිසියේම දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්ත ශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර එහි නිෂ්පාදිත ඇඟලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති.
වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරිය සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සඳහන් වේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල