මිලියන හත්සීයයක් වටිනා දැන් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතිය ස්ථාපිත කළ විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් පරිපාලකයින් වහා නීතිය හමුවට පමුණුවන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාලන සමයේදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් විදේශීය සමාගමකින් ගෙන්වන ලද බව සඟවා ස්ථාපිත කරන ලද අදාළ දත්ත පද්ධතිය අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් නව වසරට අවශ්‍ය ඖෂධ සැපයුමට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමට විශාල බාධාවක් මතුව ඇතැයි එම සන්ධානය කියයි.
සුජීව තත්සර