සමන් දේව ප්‍රතිමාව හා සධාතුක කරඬුව රැගත් පෙරහැර මාර්ග 4 කින් ගමන් අරඹයි
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬු ඊයේ (06 දා) උදෑසන ශ්‍රීපාදස්ථානය වෙත මාර්ග හතරකින් ගමන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර පවත්වනු ලබන ආගමික වතාවත් පෙරේදා (05දා) පස්වරුවේදී පැල්මඩුල්ල ගලපොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේදී ආරම්භ කළ බව ද ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ සඳහන් කළහ.
සෑම වර්ෂයකම ශ්‍රීපාද වාරය උඳුවප් පොහෝ දිනෙන් ආරම්භව වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වේ. ඒ අනුව අවාරයේදී සමන් දෙවි ප්‍රතිමාව සහ සධාතුක කරඬුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.
එලෙස වැඩම කරවන සමන් දෙවි ප්‍රතිමා සහ සධාතුක කරඬු ශ්‍රීපාදස්ථානයේ තැන්පත් කිරීමෙන් පසු අද (උඳුවප් පොහෝ දින) (07) 2022 – 2023 ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වේ. මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ආදිවාසී නායක ඌරුවරුගෙ වන්නියලැත්තන්, ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
බළන්ගොඩ – එන්. එච්. පියසේන සහ නුවරඑළියේ
නාලක රත්නායක