මේ වසරේ ශ්‍රීපාද වන්දනා සමය අදින් (12 ) අවසන් ය .
වෙසක් පොහෝ දින යෙදී ඇති අද ( 12 ) ශ්‍රීපාද වන්දනා සමයඅවසන්ය . හෙට ( 13 ) ශ්‍රී පාදස්ථානාධිපති නායක හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී පාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රානුකූලව පුද පුජා පැවැත්වීම සිදු කිරීමට නියමිතය .
ශ්‍රී පාද වන්දනා සමය නිමා කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව ඓතිහාසික ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රී පාද අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ සමන් දේවාලයේ තැන්පත් කර තිබේ .
|