ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයකට ඔසවා තබමින් ESOFT Metro Campus විසින් ESOFT Uni (ESU) උසස් අධ්‍යාපන ආයතන ජාලය හඳුන්වා දෙයි

4
ESOFT UNI (ESU) ආයතනයේ උසස් අධ්‍යාපන ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ESOFT UNI (ESU) උසස් අධ්‍යාපන ආයතන ජාලය එළිදැක්වූ අයුරු

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, කොළඹදී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර ගනු ලැබුවේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක්ද සනිටුහන් කරමිනි. කොළඹ, මහනුවර සහ යාපනය යන නගර සඳහා ESU උසස් අධ්‍යාපන ආයතන ත්‍රිත්වයක් හඳුන්වා දුන් මෙම අවස්ථාව සඳහා අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විද්වතුන්, ප්‍රමුඛයින්, ESOFT ආදි ශිෂ්‍යයින්, රාජ්‍ය අංශයේ නියෝජිතයින් සහ ජනමාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයකට ඔසවා තබමින් ESOFT Metro Campus විසින් ESOFT Uni (ESU) උසස් අධ්‍යාපන ආයතන ජාලය හඳුන්වා දෙයි

උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා හඳුන්වා දුන් මෙම (ESU) පද්ධතිය, ESOFT හි වෘත්තීය අධ්‍යාපන අංශයේ ස්වාධීන ආයතනික ව්‍යුහයක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වන අතර, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උපාධි හා පශ්චාත් උපාධි පිරිනමන අධ්‍යයන මාලාවක් මෙරට සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. මේ අතර, ESOFT Metro Campus සහ ESOFT Metro College සිය සුපුරුදු අධ්‍යයන වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් සඳහා වන ප්‍රායෝගික කුසලතාවන් ලබා ගැනීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ වෘත්තීය පාඨමාලාවන් අඛණ්ඩව පිරිනැමීමට කටයුතු කරනු ලබයි.


advertistmentadvertistment