ශ්‍රී ලංකාවේ ප්‍රථම මීමැසි උයන විවෘත කිරීම හෙට

43

ශ්‍රී ලංකාවේ ප්‍රථම මීමැසි උයන විවෘත කිරීම මැයි 18වැනිදා ඉරිදා පෙරවරු 10.00ට බිංගිරිය, විහාරගම බ්ලෙස් නේචර් පාර්ක් (බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල) හිදී පැවැත්වේ. මෙය බ්ලෙස් නේචර් පාර්ක් කළමනාකරණ මණ්ඩලයේ සභාපති, බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර මහතාගේ සහ බ්ලෙස් නේචර් පාර්ක් කළමනාකරණ මණ්ඩලයේ ලේකම් නිල නොලත් මහෙස්ත්‍රාත් නීතිඥ ලක්මාල් වික්‍රමාරච්චි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මීමැසි ජනපද පිළිබඳව ජනතාවට දැනුම මෙන්ම අවශ්‍ය අයවලුන් සඳහා පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මෙම මීමැසි උයන හරහා සිදු කිරීමට හැකියාව පවතී.


advertistmentadvertistment