ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) දියත් කරමින් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සඳහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සදහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමෙහිලා මෙවැනි වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ.
ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොන්ග‍්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප‍්‍රධාන විධායක නිලධාරී ගරු සෙන්තිල් ගෝපිනාත් මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන දියත් කිරීමට නියමිතය.
මෙරට සංවිධාන නායකයින් සහ වෘත්තිකයින් ගෝලීය වේදිකාව මත ශ‍්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ක්‍රියාකරවීමෙහිලා සම්බන්ධ කර ගැනීම සහ බලගැන්වීම ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහනේ අරමුණ වේ. දැනටමත් තානාපතිවරුන් 25 දෙනෙක් බදවා ගෙන ඇති SLCAP එම තානාපතිවරුන් නියෝජනය කරන ක්ෂේත‍්‍රයන්හී ජාත්‍යන්තර සම්මේලන ශ‍්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමෙහිලා සහය වනු නොඅනුමාන ය. මෙරට රැස්වීම්, දිරීගැන්වීම්, සම්මේලන සහ ප‍්‍රදර්ශන (MICE) අංශය නව මාවතකට යොමු කරමින් තිරසාරත්වය සහ දැනුම් හුවමාරුව ප‍්‍රවර්ධනය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.