ශ්‍රී ලංකා ‘ඒ’ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සිව්දින තරගය අද

94

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 දා) පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පසිඳු සූරියබණ්ඩාර විසින් මෙහෙයවනු ලබන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉක්‍රම් අලිඛි විසින් මෙහෙයවයි.

සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය පසුගිය (07 දා) අවසන් වූ අතර එම තරගාවලියේදී ප්‍රථම තරග තුනේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඉතිරි තරග දෙකේ ජය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමටත් හිමි විය. ඒ අනුව එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඇෆ්ගනිස්ථාන සංචිතය

ඉක්‍රම් අලිඛි (නායක), රියාස් හසන්, අබ්දුල් මලික්, ෂහීඩ් කමල්, බිලාල් අහමඩ්, ද්‍රවිෂ් සරෝලි, මොහොමඩ් ඉෂාක්, එන්. කොහොරටේ, පමනුල් හා ෆී, කයිස් අහමඩ්, සලීම් සාෆි, අබ්දුල් රහුමාන්, බිලාල් සමී, ශියවුර් රහුමාන්.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment