ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයන් පදක්කම් දිනා දිවයිනට

1

ෂීෂෙල්ස් රාජ්‍යයේ ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව එරට පැවැති ආරාධිත බොක්සිං තරගාවලියේ දී රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පිරිස ඊයේ (26 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ෂීෂෙල්ස්, මුරිසිය, රීයුනියන් සහ කෙන්යාව යන රටවල් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩකයෝ සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට පාසල් ක්‍රීඩකයන් දෙදෙනකු සහ ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව් දෙනකු සහභාගි වී සිටියහ.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් පිරිස ඊයේ (26 දා) අලුයම 03.50 ට ෂීෂෙල්ස් සිට ෂීෂෙල්ස් ගුවන් සේවයේ එච්.එම්.- 262 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා එම පාසල්වල සිසුන් ගුරු භවතුන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment