ශ්‍රී ලාංකීය අභිමානි කලා පවුර Artists.lk එළිදකී

27

ශ්‍රී ලාංකීය අභිමානි කලා පවුර Artists.lk වෙබ් අඩවිය සහ ජංගම යෙදුම ශ්‍රී ලංකාවේ විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සහ විවිධ කලාකරුවන් 500කගේ දායකත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (ලෝටස්) එළිදැක්වීය.

මේ සඳහා ප්‍රවීණ දේශක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක, ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණ, ප්‍රවීණ ගායනවේදී කීර්ති පැස්කුවල්, ප්‍රවීණ රංගනවේදී පාලිත සිල්වා යන මහත්වරුන් කථිකයන් ලෙසත් විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා, රවීන්ද්‍ර රන්දෙනිය හා ශ්‍රියානි අමරසේන යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රවීණයෝ රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලාංකීය අභිමානි කලා පවුර Artists.lk එළිදකී

මෙම උත්සවය ආරම්භ කිරීම සඳහා පොල්තෙල් පහන දැල්වීමට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි සනෝජා බිබිලේට ද ඇරයුම් කළ අයුරු.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment