ලංකාවේ වේදිකාවල තියෙන ලොකුම අඩුපාඩුව…

270

අද වේදිකා පරිපාලන ශිල්පියෙක්

 කතාබහ- – චන්දන නිශාන්ත පීරිස්


 පාසල් කාලය

 මගේ ගම නුගේගොඩ” දෙල්කඳ.

 පාසල් ගියේ කොල්ලූපිටිය මහානාම විද්‍යාලයට. 8-9 ශ්‍රේණිවල ඉඳන්ම නාට්‍ය වැඩවලට සම්බන්ධ වුණා. ඒවාට කාලය වැයවීම නිසා මට උසස් පෙළ කරන්න තිබුණ අවස්ථාවත් මඟහැරුණා.

 අපූරු සිදුවීමක්

 1976 අවුරුද්දෙ මම 1 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලේ පාසලෙන් අපිව ජෝන් ද සිල්වා රඟහලට එක්කගෙන ගියා නාට්‍යයක් පෙන්වන්න. අපේ වයසත් එක්ක නාට්‍ය ගැන ලොකු තේරුමක් නැහැ. නමුත් ඉන් වසර ගණනාවකට පස්සෙ මනෝරත්න මහත්මයාත් එක්ක වැඩකරන්න මට අවස්ථාව ලැබුණ මොහොතකදි එතුමා මගෙන් ඇහුවා මුලින්ම බලපු නාට්‍යය මොකක්ද කියල. මම කිව්වා ඒ ගැන ඒ තරම්ම මතකයක් නම් නැහැ” නමුත් රජතුමෙක් හිටියා මතකයි එයා ගොඩක් කෙට්ටුයි කියල. එහෙම මතක හැටියට විස්තර කියාගෙන යද්දි” යකෝ ඒ හිටියෙ මමනෙ” ඒක රතුහැට්ටකාරී නාට්‍ය කියල මනෝරත්න මහත්මයා කිව්වා. ඒක හරි අපූරු සිදුවීමක්.

 ප‍්‍රසිද්ධ වේදිකාවට

 අපේ අයියා කෙනෙක් හිටියා වයි. ඒ. පේ‍්‍රමරත්න කියලා. ඔහු මනෝරත්න” ප‍්‍රසන්න විතානගේ” ඒ. එම්. අයි. ස්වර්ණසිංහ” සුගත් වටගෙදර” ඇරැුව්වල නන්දිමිත‍්‍ර යන මහත්වරුන් එක්ක ‘ඉසුර. සඟරාවේ වැඩ කළේ. ප්‍රෙමරත්න අයියා තමයි මනෝරත්න මහත්මයාට මං ගැන කියල තියෙන්නෙ. ඒ අනුව දවසක් මම මහවැලි කේන්ද්‍රයේ ඔවුන්ගෙ කාර්යාලයට යනව. එතනදි මනෝරත්න මහත්මයා පසුවදා ඉඳන්ම මට එතුමා සමග වැඩ කරන්න එන්න කියල කියනව. ඒ අවසරයත් එක්ක 1985 වසරෙදි මම එතුමාගේ ‘පුත‍්‍ර සමාගම. නාට්‍යයේ සහය වේදිකා පරිපාලකවරයා හැටියට කටයුතු කරනවා. එදා පටන් අද දක්වා වේදිකා නාට්‍ය 82කට පමණ වේදිකා පරිපාලනයෙන් මගේ දායකත්වය ලබාදීල තියෙනවා.

ලංකාවේ වේදිකාවල තියෙන ලොකුම අඩුපාඩුව...



 එදා සහ අද

 ඒ කාලෙ වැඩකරන්න හරි පහසුයි. කාටවත් ලොකු පීඩනයක් නැහැ. විහිළුතහළුවෙන් බොහොම සමගියෙන් තමයි හැමෝම හිටියේ. රත්නා ලාලනී” සම්පත් තෙන්නකෝන්” අජිත් ජිනදාස” ජයශ‍්‍රී චන්ද්‍රජිත්” ශ‍්‍රියන්ත මෙන්ඩිස්” චාන්දනී සෙනෙවිරත්න වගේ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමග තමයි අපිට වැඩකරන්න ලැබුණෙ. ඒ වගේම එදා රාජ්‍ය නාට්‍ය උළෙල” සාම නාට්‍ය උළෙල වගේ තරඟවල අවසන් වටයට තේරීපත් වුණ නාට්‍ය අතර තියුණු තරඟයක් තිබුණා. ඒවා එකිනෙකට දෙවැනි නැති උසස් නාට්‍ය. ඒ වගේම නර්තනයට” ගායනයට වගේම රංගනයටත් එක වගේ දක්‍ෂ නළු නිළි පිරිසක් හිටියා. නමුත් අද ඒ තත්ත්වය දකින්න නැහැ. ටෙලි නාට්‍යයට දින දුන්නත් වේදිකාවට දෙන්න දිනයක් නැහැ. එදා අපිට තිබුණ කාර්යබහුලත්වය කොච්චරද කියනව නම් 1986 ඔක්තෝබර් මාසයේ දින තිහෙන් විසි අටක්ම නාට්‍යවලට වෙන්වෙලා තිබුණා.

 සම්මානයක්

 ඇත්තටම ඒ කාලෙ වේදිකාවේ වැඩ කරද්දි සම්මාන ගැන හීනයක්” බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. කරන දේ හරියට කරන්න විතරයි අපි නිතරම උත්සාහ කළේ. කොහොම වුණත් 1991 වසරේදි ප‍්‍රසන්න විතානගේ

 මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘ද්විත්ව. නාට්‍යයේ පෙර පුහුණුවීම් කරද්දි එක දවසක් අජිත් ජිනදාස කියනව” මේ නාට්‍යයට ලකීට සම්මානයක් නොලැබුණොත් මම නැවත රඟපාන්නෙ නැහැ කියල. මොකද ඒ නාට්‍යයේ වේදිකා පරිපාලනය ඉතාම සංකීර්ණයි. කොහොම හරි ඒ කතාව ඇත්තක් කරමින් 1992 වසරේදි පැවැත් වුණ රාජ්‍ය නාට්‍ය උළෙලෙදි හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානය මට ලැබෙනව.

 රසවත් සිදුවීමක්

 එක දවසක් අපි අරණායක ගමේ පුත‍්‍ර

 සමාගම නාට්‍ය පෙන්වනව. ඒ 3.30 දර්ශනය. රුසියානු කතාවක් නිසා ඇඳුම් සියල්ල රුසියන් විදිහට තමයි හදල තියෙන්නෙ. නරඹන්නන්ට නොපෙනෙන්න වේදිකාවේ එහාට මෙහාට යන්න කොටසක් තිබුණත් එදා සංවිධායකවරයාගේ කෙනෙක් මනෝරත්න” අජිත් ජිනදාස” රත්නා ලාලනී” ශ‍්‍රියන්ත මෙන්ඩිස් වේදිකාවේ රඟපාන අතරමැදින් සරමකුත් ඇඳගෙන තේ පෝච්චියක් අරගෙන යනව. මනෝරත්න මහත්මයා අපි දිහා හොරෙන් බැලූවා. එවෙලෙ දැනගත්තා අද නම් බැනුම් තමයි කියල. දර්ශනය ඉවරවෙලා මනෝරත්න මහත්මයා අපි හැමෝටම කතාකරල අහනව මේ මිනිහ තේ පෝච්චියක් අරගෙන වේදිකාව දිගේ ඇවිදගෙන යනව කවුරුවත් දැක්කෙ නැද්ද කියල. දැන් කාටවත් උත්තර නැහැ. අසෝක සොයිසා කොහොමත් කටකාරයි. ඔහු කියනව මනෝට එතනදි කියන්න තිබුණනෙ කතාවෙ හැටියට ආන් දුවගෙ කිරිකාරය යනව කියල. මේක අහපු මනෝරත්න මහත්මයාට තවත් තරහ ගිහින්” ඊළඟ දර්ශනයෙදිත් එන්න කියපං මං කියන්නම් කිව්වා.

ලංකාවේ වේදිකාවල තියෙන ලොකුම අඩුපාඩුව...



 අඩුපාඩු

 ලංකාවේ වේදිකාවල එදාත්” අදත් තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි කිසිම පහසුකමක් නැති එක. පිට පළාත්වලදි නාට්‍ය පෙන්නන්නෙ පාසල්වල. එතනදි ශිල්පීන් ශිල්පිණියන්ට අපහසුතා රැුසකට මුහුණදෙන්න වෙනවා. රජයෙන් මේ කිසිම දෙයක් ගැන හොයල බලන්නෙ නැහැ.

 පසුගිය කාලෙ සංවිධානය කළ පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල බොහොම හොඳට කෙරුණා. නමුත් නැවත එවැනි දේකට කිසිම සැළසුමක් නැහැ.

 නවකයෝ

 වර්තමානයේ නවපරපුරේ සම්මානයට පවා පාත‍්‍ර වුණ දක්‍ෂයන් ඉන්නවා. රංගනය පැත්තෙන් විතරක් නෙමෙයි” පිටපත් රචනයෙන් පවා ඔවුන් දක්‍ෂතා පෙන්වනවා. නමුත් ඔවුන්ට ඉදිරියට එන්න අවස්ථාවක් නැහැ. ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් නැහැ.

 හැකියාවන් රැුසක්

 මම වේදිකා පරිපාලනයට පමණක් යොමු වුණේ නැහැ. ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ

 ‘පාදඩ අසපුව. වෙදිකා නාට්‍ය හරහා ශබ්ද පරිපාලනයටත් මට අවස්ථාව ලැබෙනව. ඒ 2000 වර්ෂයේදි. මගේ තවත් විශේෂ හැකියාවක් වෙන්නෙ දෙබස් මතක තබා ගැනීම. නාට්‍ය හතළිහක පණහක වුණත් දෙබස් මතකයෙන් කියන්න මට පුළුවන්. මේ හැකියාව ප‍්‍රයෝජනවත් වුණ අවස්ථා

 බොහොමයක් තියෙනව.

 කලකිරීමක්

 සරත් කොතලාවල මහත්මයාගේ නාට්‍ය හරහා ඕමාන්” මැලේෂියා” ඩුබායි වගේ රටවලටත්” සම්පත් අයියාගේ

 ‘දෙසීය තුන්සීය. නාට්‍ය හරහා යුරෝපයේ රටවල් ගණනාවක සංචාරය කරන්න මට අවස්ථාව ලැබුණා. නමුත් බොහෝ වෙලාවට විදේශ සංචාර වලදි නළු නිළියන්ට පමණයි ඒ අවස්ථාව ලැබෙන්නෙ. වේදිකාව පිටුපස ඉඳන් ලොකු සේවයක් කරන කාටහරි ඒ අවස්ථාව ලැබුණා නම් ඒ ඉතාම අඩුවෙන්. මේ කාරණාව ගැන ගොඩක් තැන්වලදි මම කතාකරල තියෙනව. නාට්‍ය ජීවිතයේදි යම් තැනකදි කලකිරීමක් ඇතිවුණා නම් ඒ මේ අවස්ථාවේදී තමයි.

 දායකත්වය

 මනෝරත්නයන්ගේ පුත‍්‍ර සමාගම” ගුරු තරුව” තලමල පිපිලා” අන්දරේලා” සුදු රෙදි හොරු” කපිල කුමාර කාලිංග මහත්මයාගේ

 රයිනෝසිරස්” නෙළුම් පොකුණ” අපි ගෙවන්නෙ නෑ” බැංකු වීරයා” ප‍්‍රසන්න විතානගේ මහත්මයාගේ

 අවි” ද්විත්ව” හොරු සමග හෙළුවෙන්” කේ. බී. හේරත් මහත්මයාගේ නාග ගුරුලා” මායාදේවී” ජගන්මා” සරත් කොතලාවල මහත්මයාගේ

 නරි බුරති” ඒකා සාක්කුවේ” සුදු වළහා හිරෙන් පනී” මිහිර සිරිතිලක මහත්මයාගේ

 කෝ කුක්කෝ” ජයලාල් රෝහණ මහත්මයාගේ

 ලෝකා” ගොන්ඩෝලා” ප‍්‍රසාද් සූරියආරච්චි මහත්මයාගේ

 වලලූ සැණකෙළි” අජිත් ජිනදාස මහත්මයාගේ යාත‍්‍රා සහ තවත් නිර්මාණ රැුසකට මගේ දායකත්වල ලබාදෙන්න මට හැකියාව ලැබුණා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment