ජනසතු සේවා පළමු පෙළ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය
ජනසතු සේවා පළමු පෙළ සය සාමාජික ක්‍රිකට් තරගාවලියෙන් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කණ්ඩායම සමත් විය අනුරාධපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලිය සඳහා රාජ්‍ය අංශය නියෝජනය කරමින් ආයතන රැසක පළමු පෙළ කණ්ඩායම් සහභාගි විය. මෙහිදී අවසන් මහා තරගය රක්ෂණ සංස්ථා කණ්ඩායම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකු කණ්ඩායම අතර පැවැත්විණි. ජයග්‍රාහී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කණ්ඩායම, නලින් ලංකේෂ්වර (නායක), රනිෂ්ක වක්වැල්ල, මහේෂ් සිල්වා, පී. ඩී. සී. මහේෂ්, ඉසුරු ආරියරත්න, සුමිත් චන්දන, ප්‍රගීත් සම්පත්, පෝල් කීගල්, සුගත් ලියනගේ (ක්‍රීඩා සභාපති), නුවන් ලියනගේ (ලේකම්)