ෂික් හසිනාගේ පක්ෂයට බංග්ලාදේශ දේශපාලනයේ ඉඩක් නැහැ -මුහමඩ් යුනුස්

235

බංග්ලාදේශයේ බලයෙන් නෙරපන ලද හිටපු අගමැතිනි ෂික් හසිනා නායකත්වය දරන අවාමි ලීග් පක්ෂය ෆැසිස්ට්වාදයේ පවතින සියලු ලක්ෂණ පෙන්නුම් කරන හෙයින් එයට මින් ඉදිරියට බංග්ලාදේශ දේශපාලනයේ තැනක් හිමි නොවන බව බංග්ලාදේශ අන්තර් වාර රජයේ ප්‍රධානියා වන මහාචාර්ය මුහමඩ් යුනුස් පවසා තිබේ.

බංග්ලාදේශයේ විශාලතම මෙන්ම පැරණිම දේශපාලන පක්ෂය වන අවාමි ලීග් පක්ෂය සම්බන්ධයෙන් තමා දැඩිව සිටින බව 84 හැවිරිදි මහාචාර්ය යුනුස් බංගලාදේශ මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.


advertistmentadvertistment