2019 වසරේදී මුල් භාගයේදී; මහා බි්‍රතාන්‍යයේ අතිශය ජනප්‍රිය අයි එස්කේප් වෙබ් අඩවිය (www.iescape.com) “ශ්‍රී ලංකාව ලෝකයේ පළමු පෙළ සංචාරක ගමනාන්තයක්” වශයෙන් නම් කිරීමත්, BBC මාධ්‍යය විසින් “ලොව ජනප්‍රිය වෙමින් පවතින අංක එකේ ආහාර හිමි රට” විදිහට ශ්‍රී ලංකාව නම් කිරීමත්, ට්‍රැවල් ලෙෂර් සඟරාව (www.travelandleisure.com) විසින් “ශ්‍රී ලංකාව සංචාරය සඳහා ලොව හොඳම දිවයින් අතරින් එකක්” වශයෙන් නම් කිරීමත්, ලෝන්ලි ප්ලැනට් (www.lonelyplanet.com) නමැති අතිශය ජනප්‍රිය සංචාරක කටයුතු පිළිබඳ සඟරාව විසින් “ශ්‍රී ලංකාව සංචාරය සඳහා යා යුතු ලොව හොඳම සංචාරක ස්ථානයක්” ලෙස නම් කිරීමත් – නිසා අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයට නව ජීවයක් ලැබුණත් 2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරය, 2020 වසරේ කොරෝනා ගෝලීය වසංගතය සහ 2022 වසරේ මෙරට ආර්ථික බංකොලොත්භාවය යන එකපෙළට සිදුවූ සිදුවීම් ත්‍රිත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව දැවැන්ත අන්දමින් ඛාදනයට ලක් කිරීමට හේතු වන ලදී.
සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා තැඹිලි වැනි දෑ අලෙවි කළ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට මහා පරිමාන හෝටල් දක්වා ආදායම් බොහෝ නරක තත්ත්වයකට ඇද වැදීමට හේතුවක් වන ලදී. 2019 වන විට 400,000කට අධික පිරිසක් ඍජු සහ වක්‍ර අන්දමින් සංචාරක කර්මාන්තයේ නියැලී සිටි අතර, සංචාරක කර්මාන්තය තුළ උද්ගත වුණු මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයන් හේතුවෙන් බොහෝ පිරිසකට රැකියා සහ ආදායම් අහිමි වන ලදී.
මොරටුව ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක
කෙසේ වුවත් මේ වනවිට සංචාරක කර්මාන්තයේ නරක කල දසාවට ආයුබෝවන් කීමට කාලය උදා වෙමින් ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය (Sri Lanka Tourism Development Authority) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව මෙම වසරේ (2024) පළමු මාස තුන ඇතුළත පමණක් මෙරටට 635,784ක සංචාරකයන් පිරිසක් පැමිණ ඇති අතර, මෙරට සංචාරය සඳහා මෙතෙක් පැමිණ සිටින වැඩිම පිරිස ඉන්දියානුවන් වන අතර, දෙවන තැන රුසියානුවන්ටත්, තෙවන ස්ථානය මහා බි්‍රතාන්‍යය සංචාරකයන්ටත්, සිව්වන සහ පස්වන ස්ථාන පිළිවෙලින් ජර්මානු සහ චීන ජාතියකන්ටත් හිමි වී තිබේ.
මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් මෙරට සංචාරක කර්මාන්තය ඇ.ඩො. මිලියන 342ක ආදායමක් ලබාගැනීමට සමත් වී ඇත. එය 2023 වසරේ ජනවාරි මාසයේ ලද ඇ.ඩො. මිලියන 154ට වඩා 122.7%ක වර්ධනයක් වේ. මේ පසුබිම අනුව මෙම වසරේදී සංචාරකයන් මිලියන දෙකක් ආකර්ෂණය කර ගනිමින් මෙරටට ඇ.ඩො. බිලියන 4ක ආදායමක් ලබාදීම තම අරමුණ බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසා සිටියි.
කෙසේ වෙතත් 2019 වසරේ සිට ලංකාවේ සංචාරක කර්මාන්තය පසුබැසීමට ලක් වුණේ කොහොමද කියන දේ පිළිබඳව සංවාදයක් ඇති කිරීමෙන් පමණයි රටක් වශයෙන් අප මෙම වසරේදී සංචාරක කර්මාන්තය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව තත්වානුබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ.
සංචාරක කර්මාන්තයේ පිබිදීම මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම පිබිදීමෙහිලා බලපා ඇති මූලික හේතු සාධක අතරින් ප්‍රධාන හේතුවක් විදිහට අපේ රටේ ජාතික ප්‍රතිරූපය ගැන අන්තර්ජාතික ප්‍රජාවේ ඇති පැහැදීම දැක්විය හැකි වේ, එමෙන්ම මෙරට ජනතාවගේ මිත්‍රශීලී චරිත ස්වභාවය සහ ආගන්තුක සත්කාරය උදෙසා ලාංකිකයන් දක්වන කැමැත්තට ලැබී තිබෙන පුළුල් අන්දමේ මාධ්‍ය ප්‍රචාරණය නිසා ලංකාවේ සංචාරය කිරීමට සංචාරකයන් පෙළඹීම දක්නට ලැබේ. “ටයිම් අවුට්” (www.timeout.com) වෙබ් අඩවිය සිදු කර ඇති නවතම සමීක්ෂණයට අනුව “කාන්තාවන් තනිව සංචාරය කිරීමට ප්‍රියතාවයක් දක්වන රටවල් අතරින් අංක එක ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.”
එමෙන්ම “සීඊඕ වර්ල්ඩ් සඟරාව” (ceoworld.biz) සිදු කර ඇති නවතම අනාවරණයට අනුව “ශ්‍රී ලංකාව ජීවිතයේ එක් වරක් හෝ සංචාරය කළ යුතු ස්ථානයක්” විදිහටත් නාමකරණයට ලක්වී ඇත. ලෝක සංචාරකයන් අතුරින් 295,000ක පිරිසක් ලංකාව පිළිබඳව ධනාත්මක අදහස් දක්වා ඇති අතර එය සඟරා ඉතිහාසය තුළ රටක් වෙනුවෙන් වැඩිම අදහස් දැක්වීම සිදු කළ අවස්ථාව බවත් “සීඊඕ වර්ල්ඩ් සඟරාව” පනවා දී ඇත.
ලංකාවේ සොබා සෞන්දර්යය, වටිනා ඓතිහාසික ස්ථාන මෙන්ම ප්‍රමුඛ පෙළේ නගර මූලික කරගෙන ගොඩනැගෙමින් පවතින නවීන සංස්කෘතික පරිසරය – යන මේ සියලුම සාධක ලංකාව කෙරෙහි විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වීමට හේතු වී ඇත.
ලංකාවේ සංචාරක කර්මාන්තය මේ අන්දමින් පිබිදීමට බලපා ඇති මීළඟ වැදගත් සාධකය වන්නේ මෑතක සිට මෙරට තුළ පැන නැගි ඇති දේශපාලන ස්ථාවරත්වයයි. වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ, පැවති දේශපාලන අස්ථාවර තත්ත්වය බොහෝ දුරට පහවී ගොස් රට තුළ යම් දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වයක් නිර්මාණය වීමද සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වීමට හේතු වී ඇත.
මෙරට සංචාරයේ නියැලෙන සංචාරකයන්ගෙන් ඇතැම් විට බොහෝ සෙයින් අසාධාරණ අන්දමේ අයකිරීම් සිදුකළ බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතාබහට ලක්වන ලදී, වංචාකාරී ලෙස මිල ගණන් අය කරමින් අපේ රටේ සංචාරය කරන සංචාරකයන් වංචාවට ලක්කිරීම පාලනය කිරීම සිදු කළ යුතුයි.
දෙවැනි යෝජනාව වන්නේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව රජයේ අවධානය මීට වඩා යොමු කිරීමය වේ, යාල සහ සීගිරිය පමණක් පෙන්වා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට වඩා කළ හැකි කළහැකි තවත් බොහෝ දේ ඇති බව අදාළ බලධාරීන් අවබෝධ කරගත යුතු වේ. 21වන සියවසට උචිත නවීන පරිසරයක ආනන්දනීය අත්දැකීම ලබාදෙන නිර්මාණශීලී සංකල්ප අපේ රට තුළ වැඩි වශයෙන් නිර්මාණය කිරීමේ කාලය එළඹි තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ අවධානය දැඩි ලෙස යොමු කළ යුතු වේ.
තෙවන යෝජනාව ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ තවමත් ප්‍රමුඛතාවයට පත් නොවී තිබෙන සංකල්පයක් විදිහට “ධරණීය සංචාරක සංකල්පය” (Sustainable Tourism) හඳුන්වා දිය හැකි වේ. ධරණීය සංචාරක සංකල්පයෙන් අදහස් කෙරෙන්නේ සමාජ, සංස්කෘතික සහ පරිසරය යන සමස්ත කාරණා සියල්ල සම්පිණ්ඩනය කර සංචාරකයාට අත්දැකීමක් ලබාදීමයි. උදාහරණයක් ලෙස: ස්වදේශීය ජනතාව සිටින සමාජයකට සංචාරකයා ප්‍රවේශ වන විට, එම ජන කණ්ඩායමේ ඇවතුම්-පැවතුම් පිළිපැදීමත්, එම ස්වදේශීය ජනතාව මුහුණ දෙන අභියෝග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමත් වේ.
ජාත්‍යන්තර පැපුවානිව්ගිනියා තාක්ෂණ විශ්වවිද්‍යාලයට (UNITECH) අනුබද්ධිතව කටයුතු කරන
(Sbbatical Leave) – මොරටුව ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක මහතා පෙන්වාදෙන පරිදි, “ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මේ වෙනකොට නව යුගයක එළිපත්ත මත ඉන්නේ කිව්වොත් නිවැරදියි. මේ වෙනකොට සිංගප්පූරුව මේ වගේ online ප්ලට්ෆොර්ම්ස් ක්‍රියාත්මක කරීම නිසා සංචාරකයන්ගේ තෘප්තිය 20% කින් වැඩිවෙලා තියෙනවා, සංචාරකයන් වියදම් කරන ප්‍රමාණයත් 15% කින් වැඩිවෙලා තියෙනවා.
ඒ වගේම පර්යේෂණ වලින් පේන්න තියෙන්නේ Sustainable Tourism තුළින් පරිසර හිතකාමී සංචාරකයන් ආකර්ෂණය කරගන්න විතරක් නෙමෙයි රටක් විදියට අපිට එන ගෝලීය අභියෝග වලින් එන ගැටලු වලට ඔරොත්තු දීම වැඩිකර ගන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කරනවා වගේම මතුවෙන සේවක හිඟයට උත්තර හදාගන්න ඕන.
ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ