සටහන සහ ඡායාරූපය සමන් රණවීර

සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහිවූ ජයග්‍රාහකයන් සඳහා චෙක්පත් ප්‍රදානය සහ ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතවරුන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙහිදී ලග්න වාසනාවේ සුපිරි ජයමල්ල වන රුපියල් 9,329,905.00 ක මුදලක් සහ රුපියල් විසිපන් ලක්ෂයේ” විසි ලක්ෂයේ සහ දස ලක්ෂයේ ජයග්‍රාහකයන් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදී.

ඒ අනුව රටපුරා විසිරී සිටින ජයග්‍රාහකයන් තිස්හයදෙනකු අතර රුපියල් 62,329,905.00 ක වටිනාකමින් යුත් චෙක්පත් ප්‍රදානය කරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතා ජයග්‍රාහකයන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment