‘සක්වළ’ හා ‘හුස්ම’ට මඩ ගසමින් ආණ්ඩුව සමග නීච නින්දිත ඩීල් ගසා අපහාස කරන අයට පසුව අඬන්න සිදුවේවි

65

-විපක්ෂ නායක යාපහුවේදී කියයි

අද වන විට රටේ ආණ්ඩුවයි විපක්ෂයේ සමහර වැඩ බැරි පක්ෂ හා දේශපාලනඥයන් එකට එකතු වී ඇති බවත් ඔවුන් එකට එකතු වී, ‘බෙදිල්ල’ හරියන්නෑ යැයි පවසන බවත් මොවුන්ට අනුව සම්පත් නොමැති තැනට සම්පත් දෙනඑක වරදක් වී ඇති බවත් මේ සියලු දෙනාම එකට එකතු වී ඇත්තේ මත්පැන් බලපත්‍ර ලබාදීමෙන් බවත් මොවුන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියා පන්සල් ඉදිරිපිට බියර් බාර් දමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙවැනි නීච නින්දිත ඩීල් ගසා සක්වළ හා හුස්ම වැඩසටහන්වලට අපහාස කරන බවත් පරිගණක බෙදන එක වරදක් වුවත් බියර් පර්මිට් ලබාදෙන එක වරදක් නොවී ඇති බවත් මොවුන් සිය දේශපාලන ප්‍රතිපත්ති සියල්ල මුදලට පාවාදී ඇති බවත් ඔවුනට පසුව පසුතැවිලිවීමට සිදුවනු නිසැක බවද ප්‍රේමදාස මහතා කීය.

‘සක්වළ’ හා ‘හුස්ම’ට මඩ ගසමින් ආණ්ඩුව සමග නීච නින්දිත ඩීල් ගසා අපහාස කරන අයට පසුව අඬන්න සිදුවේවි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල, යාපහුව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විiාලයට සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 249 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේ ය.

ඩොලර්වලට වරදාන වරප්‍රසාදවලට ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පාවා අමiප වූ තමා මේවා නොකරන බවත් රට බංකොලොත්වෙලත් ජන ජීවිත විනාශ වෙලත් මහජන නියෝජිතයන් කොට්ඨාසයක් එකට එකතු වී මේ සක්වළ වැඩසටහන්වලට අපහාස කරමින් විරුද්ධ වී ඇති බවත් මේ ප්‍රහාරවලට තමන් බිය නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය .

නිදහස් අධ්‍යාපනය සුරකින්න කියා බොරු විප්ලවීය ප්‍රකාශ කරන අයගේ මෝඩ ප්‍රතිපත්ති නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වෙමින් යන බැවින් නිදහස් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රචලිත කළ යුතු බවත් එසේ නොමැතිව අධ්‍යාපනය ගොඩගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

‘සක්වළ’ හා ‘හුස්ම’ට මඩ ගසමින් ආණ්ඩුව සමග නීච නින්දිත ඩීල් ගසා අපහාස කරන අයට පසුව අඬන්න සිදුවේවි

අද වන විට රට වටේම උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරන බවත් මේ අයට පෞද්ගලික අංශයේවත් රැකියා නොලැබෙන බවත් කලා උපාධිය එම ආයතනවලට නොගැළපෙන බවට පවසන බවත් මේ ගැන කවුරුත් කතා නොකරන බවත් සිංහල පමණයි දමිළ පමණයි කිය කියා ඡන්ද මල්ල වැඩි කර ගැනීමට දේශපාලනඥයන් කටයුතු කරන බවත් මේ නිසා දේශපාලනඥයන් රජ පුටුවට ගොස් 41 ලක්ෂයක දූ දරුවන් අනාථ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාසල් පද්ධතියට අවශ්‍ය සම්පත් දෙන්න බැරි පාලන තන්ත්‍රයක් තුළින් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් නිදහස් අධ්‍යාපනය රකිනවා කියා පාද යාත්‍රා යන අය කිසිදා නිදහස් අධ්‍යාපනය දියුණුවනවාට කැමැති නැති බවත් ඔවුන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර විශ්වවිiාලවලට බවත් ඔවුන්ට පෞද්ගලික අධ්‍යාපනය හොඳ වූවාට නිදහස් අධ්‍යාපනය හොඳ නොමැති බවත් නිදහස් අධ්‍යාපනය දියුණු කරන්න හදන විට මේ අය උද්ඝෝෂණ කරන්නේ රටේ සෙසු දරුවන් ඔවුන්ගේ දරුවන්ගේ මට්ටමට ඒවි කියන කුහක සිතුවිල්ල නිසා බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1,832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වළ බස් රථ වැඩසටහන යටතේ පාසල් 87ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4,292ක් ද සක්වළ තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 249ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2,797ක් වැය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment