යුක්‍රේන යුද්ධය තවත් උත්සන්න කරලමින් යුක්‍රේන හමුදාව විසින් රුසියාවේ මොස්කව් අගනුවර වෙත එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාර හේතුවෙන් මොස්කව් නගරයේ ගුවන්තොටුපළවල් තාවකාලිකව වසා දැමීමට රුසියානු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
රුසියාවට එල්ල වී ඇති යුක්‍රේන ඩ්‍රෝන යානා ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති මොස්කව් නගරයේ නගරාධිපතිවරයා වන සර්ගේ සොබියනින් මොස්කව් නගරයට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන යානා 19ක් පමණ විනාශ කළ බව පවසා ඇති අතර රුසියානු හමුදා ආරංචි මාර්ගවලට අනුව රුසියාව පුරා යුක්‍රේනය විසින් එල්ල කර තිබූ ඩ්‍රෝන යානා 100කට අධික සංඛ්‍යාවකට වෙඩි තබා බිම හෙළා තිබේ. යුක්‍රේනය විසින් ඉකුත් දින දෙකේදීම මොස්කව් නගරය වෙත දිගින් දිගටම ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වී ඇති අතර එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ තර්කිව් නගරයට හා ගම්මාන කිහිපයකට එල්ල කර තිබූ ගුවන් ප්‍රහාරවලින් සිවු දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. මේ අතර රුසියාවට අනුව යුක්‍රේන හමුදා ප්‍රහාරවලින් රුසියානු දේශසීමාවේ සිටි තිදෙනකු මියගොස් තිබේ. රුසියානු හා යුක්‍රේන හමුදා අතර සටන් පැවතිය ද රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන යුක්‍රේන යුද්ධය නතර කිරීමේ තෙදින සටන් විරාමය හෙට (08දා) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.