සතොස භාණ්ඩ 5ක මිල අඩුවෙයි

121

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල (22දා) සිට පහත දමා ඇත.

මේ අනුව හාල්මැස්සන් කිලෝවක මිල රු. 950ක් දක්වා ද ඉන්දියානු ලොකු ලූනූ කිලෝවක මිල රු. 250ක් දක්වා ද කඩල කිලෝවක මිල රු. 450ක් දක්වා සහ සුදු සීනි කිලෝවක මිල රු. 275ක් දක්වා ද පහත දමා ඇතැයි ලංකා සතොස අලෙවි ප්‍රධානී සමන් කාරියවසම් මහතා පවසයි.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවි සැල්වලින් දැන් මේ අඩු කළ නව මිල යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකි බවද කාරියවසම් මහතා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment