සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වේ

673

ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය වයස අවුරුදු 80 දී අභාවප්‍රාප්ත වී ඇත. ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටින සනත් ජයසූරිය සිය මවගේ අභාවය පිළිබඳව සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටී.
එම මහත්මියගේ අවසන් කටයුතු බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment