සන්ධිවල ගෙවී ගිය කඨිලේජ් යළි වර්ධනය කිරීම

7422

මැදිවියට පත්වන විට බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට ඇතිවන බරපතළ රෝග තත්ත්වයක් වනුයේ දණහිස සන්ධියේ ඇති කාඨීලේජ් ගෙවීයාමය.

මෙලෙස කාඨිලේජ ගෙවී යාම නිසා දණ හිස සන්ධියේ අස්ථි එකිනෙක ගැටීමට ලක්වීමෙන් ඇතිවන වේදනාව දරාගත නොහැකිය. දණහිස සන්ධිය ක්‍රියා කරවීමට අපහසු නිසා බොහෝ විට රෝද පුටුවක ආධාරයෙන් දවසේ කටයුතු කිරීමට සිදුවේ.

දණහිස සන්ධියේ කාඨිලේජ ගෙවීයාම

දණහිස සන්ධියේ කාඨිලේජ ගෙවී යාම හෙවත් අස්ථි මජ්ජාව විනාශ වීම සඳහා බලපාන හේතු කිහිපයක් ඇත.

ක්‍රීඩා කටයුතුවල නිරතවූවන්, ආතරයිටීස් රෝගයට ගොදුරු වූවන්, ආමාෂයේ උෂ්ණ රෝගවලින් පිඩා විදින්නන් සහ විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ වර්ගවල අතුරු ආබාධයක් ලෙස අස්ථි මජ්ජාව දියවී යාමට ලක්වේ.

අස්ථි මජ්ජාව යළි වර්ධනය කරගැනීම

දණහිස, වැලමිට, උරහිස ආදි ඕනෑම සන්ධියක ඇතිවන අස්ථි මජ්ජාව ගෙවි යාම රෝගය හටගත් විට එය නැවත වර්ධනය කළ යුතුය. ඒ සඳහා පාරම්පරික දේශීය වෙදකම ඉහළ වෙදකම සහ ආයුර්වේද වෙදකමට අනුව මෙම අස්ථි මජ්ජාව නැවත වර්ධනය කරන ප්‍රතිකාර සිදු කළ හැකිය. මතුව ඇති රෝග තත්ත්වයට හේතුව හඳුනාගෙන පත්තු බැදීම, ගුලි, චූර්ණ ආදී ඖෂධ රැසක් මගින් රෝගය සුවපත් කළ හැකිය.

මෙහිදී ආහාර පානවලින් ලැබෙන පෝෂණයද වැදගත්ය. එහිදී අස්ථි මජ්ජාව වර්ධනය කරන ආහාර වර්ග වන කහ පැහැති එළවළු, පළතුරු ආහාරයට ගැනිම, කැල්සියම් බහුල හාල්මැස්සන්, කුඩා මාළු වර්ග ආදිය ආහාරයට ගැනීම කළ හැකිය.

අස්ථි මජ්ජාව ගෙවී යාමට ලක්ව ඇති සන්ධිය මතුපිට තලතෙල් සහ මී තෙල් මිශ්‍ර කර උදේ හවස හොඳින් ආලේප කිරීම මඟින් වේදනාව සමනය වීමටත් ඉක්මනින් අස්ථි මජ්ජාව යළි වර්ධනය වීමටත් උපකාරී වේ.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

සන්ධිවල ගෙවී ගිය කඨිලේජ් යළි වර්ධනය කිරීම

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment