සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවෝ

73

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 31 වන වරටත් නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය සංවිධානය කළ මයිලෝ කුසලාන ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ශූරතා තරගාවලිය මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අවසන් විය.

සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවෝ

සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතා සහභාගි විය. මෙම අවස්ථාවට නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්ෂ මොහොමඩ් අලී, නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහකත්ව හා ක්‍රියාකාරකම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ සභාපති කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ ලේකම් අමල්කා ගුණතිලක, භාණ්ඩාගාරික ශිරන්ති ප්‍රසාදිකා හා තරගාවලි ලේකම් පී. ඒ. කේ. එස්. කාංචන මහතා සහභාගි වූහ.

නෙස්ලේ මයිලෝ සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ 13න් පහළ වයස් කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ෂෙහාරා දහම්දි විජේසූරිය දිනාගත් අතර 15න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කුරුණෑගල – මලියදේව විද්‍යාලයේ සෙනුමි විමංසා ජයග්‍රහණය කළ අතර 17න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර මහාමායා විද්‍යාලයේ අයෝද්‍යා අලවත්තේගම සහ 19 පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලයේ භාෂනී උඩගෙදර ශිෂ්‍යයාව විසින් දිනා ගන්නා ලදී.


advertistmentadvertistment