සම්පත් බැංකුවේ Mini-POS Solution මගින් කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් හට ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක්

42

සම්පත් බැංකුව විසින් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය තුළ වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ඉල්ලු‍ම සපුරාලීමේ අරමුණින් නවතම Mini-POS bespoke mini-POS solution ගෙවීම් ක්‍රමවේදය මුල්වරට හඳුන්වාදීම සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා නිකුත් කළේය.

සම්පත් බැංකුව Mini – POS උපාංගයක් දියත් කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන අතර, බැංකු ක්ෂේත්‍රයට තවත් නවමු අත්දැකීමක් එක්කරමින් හඳුන්වාදුන් මෙම නවීකරණය ඔස්සේ ව්‍යාපාර සංවර්ධනය කිරීමේ සිට ගණුදෙනු විධිමත් කිරීම, පාරිභෝගික අත්දැකීම් වර්ධනය කිරීම ඇතුළු සේවාවන් රැසක් සපුරාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි.

වර්තමානය වන විට වෙළෙඳපොළ තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ඉටුකරනු ලබන භූමිකාවේ ඇති වැදගත්ම සහ ඔවුන්ට ශක්තියක් වීමේ අවශ්‍යතාවය හඳුනාගත් සම්පත් බැංකුව, එම ව්‍යාපාර කාර්යයන් කාර්යක්ෂමව සිදුකිරීමේ අරමුණින් මෙම නවතම විසඳුම දැරිය හැකි මිලකට සහ පහසුවෙන් භාවිතකිරීමේ හැකියාව සහිතව හඳුන්වාදී ඇත. අතේ ගෙන යා හැකි, නම්‍යශීලි, වේගවත් ගනුදෙනු කිරීම, ගෙවීම් විකල්ප රැසකින් යුක්තවීම මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂාවකින්ද යුතු mini-POS solution ගෙවීම් ක්‍රමවේදය ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට සිය නිෂ්පාදනයන්ගේ අලෙවිය සහ ආදායම වර්ධනය කරගැනීමට ඉඩකඩ සැලසේ. තවද Visa, Mastercard, China Union Pay, JCB, Lanka QR සහ UPI ජාල වැනි ප්‍රකට කාඩ්පත් සන්නාම රැසක් ඔස්සේ ගෙවිම් කාර්යයේ යෙදීමේ හැකියාව මෙම නවතම උපාංගය ඔස්සේ ලබාදිම වැදගත් කාර්යයකි.

advertistmentadvertistment
advertistmentadvertistment