සම්පත් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

111

සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා (ව) / සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය (ද)

සම්පත් බැංකුව 2024 වසරේ පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 6.2 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 3.4 ක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය 2023 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙලින් 39.1% සහ 27.8% ඉහළ යාමකි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 23.70 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 4.3 ක විනිමය අලාභයක් සිදු වූ අතර එම අලාභයද අවශෝෂණය කර ගැනීමෙන් අනතුරුව රුපියල් බිලියන 3.4 ක බදු පසු ලාභයක් වාර්තා කිරීම සුවිශේෂී වේ. මීට අමතරව සම්පත් සමූහයද 38.0% ක් සහ 26.0% ක වර්ධන ප්‍රතිශතයන් සහිතව රුපියල් බිලියන 6.9 බදු පෙර ලාභයක් ද රුපියල් බිලියන 3.8 බදු පසු ලාභයක්ද වාර්තා කරන ලදී.

2024 මාර්තු 31 දිනට සම්පත් බැංකුව වාර්තා කරන ලද විශේෂ මූල්‍ය ප්‍රතිඵල බදු පසු ලාභය 27.8% ක්, එනම් රුපියල් බිලියන 3.4 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යාම, ශුද්ධ පොළී ආදායම (NII) 12.7% කින් ඉහළ යාම, වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් පහළ යාම නිසා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 17.1% කින් පහත වැටීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 23.70 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 4.3 ක විනිමය අලාභයක් වාර්තා වීම, අපහායන අයකිරීම් 36.8% කින් පහත වැටීමද ඒ අතර වේ.

බැංකුවේ දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 68 කින් ශක්තිමත් ලෙස ඉහළ යාම.

බැංකුවේ පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙලින් 15.18% ක් සහ 18.22% ක් ලෙස අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පැවතීම.

සලකනු ලබන කාලපරිච්ජේදය සඳහා ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 20.5 ක් වූ අතර එය පෙර වසරේ අනුරූප කාලච්ජේදයේ වාර්තා වූ රුපියල් බිලියන 18.1 හා සැසඳීමේදී 12.7% ක ඉහළ යාමකි. මේ සඳහා පොළී ආදායම අඩුවීම අභිබවා ගිය පොළී වියදම් අඩුවීම හේතු විය. පොළී අනුපාතයන් පහත වැටීම මධ්‍යයේ වූවද බැංකුව විසින් සිදු කළ වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය මෙම ශුද්ධ පොළී ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතු විය. තවද බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය (භෂඵ) 2023 දෙසැම්බර් 31 දිනට 5.16% වූ අතර එය 2024 මාර්තු 31 දින වන විට 5.24% ක් දක්වා වර්ධනය විය.

බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම්, පසුගිය වසරේ පළමු කාර්තුවට වාර්තා වූ රුපියල් බිලියන 2.8 හා සැසඳීමේදී 75.3% ක පහත වැටීමක් සහිතව 2024 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 0.7 ක් ලෙස වාර්තා විය. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ද 2023 පළමු කාර්තුව හා සැසඳීමේදී 17.1% ක පහත වැටීමක් පෙන්වූ අතර මීට මූලිකවම වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ආදායම් පහත වැටීම හේතු විය. මේ සඳහා ආනයන ආශ්‍රිත කොමිස් අනුපාත පහළ දැමීම, වෙළඳාම් ආශ්‍රිත ගනුදෙනු ප්‍රමාණය පහත වැටීම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අතිප්‍රමාණය වීම යනාදී කරුණු හේතු විය. කෙසේ වෙතත් පෙර වසරේ අනුරූප කාලච්ජේදය හා සැසඳීමේදී ණය, විද්‍යුත් නාලිකා, කාඩ්පත් හා ප්‍රේශණ ආශ්‍රිත ආදායම්හි වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

2024 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 4.4 ක අපහායන අයකිරීමක් හඳුනාගන්නා ලද අතර මෙය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ජේදය හා සැසඳීමේදී 36.8% ක පහත වැටීමකි. ඉහත අපහායන අයකිරීම ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 2.4 ක් ද (2023 පළමු කාර්තුවට – රුපියල් බිලියන 6.2 ක්) වෙනත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 0.9 ක් (2023 පළමු කාර්තුවට – රුපියල් බිලියන 0.4) ද අනෙකුත් බැදීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 1.1 (2023 පළමු කාර්තුවට – රුපියල් බිලියන 0.4) කින් ද සමන්විත විය.

advertistmentadvertistment
advertistmentadvertistment