ගන්දර – මාතර පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් වටලයි

210

ගල් වැඩපලක් පවත්වාගෙන යන මුවාවෙන් අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගන්දර සහ මාතර ගබඩා දෙකක් 25 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා සැකකරුවන් දෙදෙනකු සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

 විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී ගබඩා දෙක තුළ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වන ඇමෝනියා නයිට්රේට්, ජෙලට්නයිට් කූරු, සේවානූල් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම සැකකරුවන් මේවා ගබඩා කර ගෙන ඇතත් ඒ සඳහා බලපත‍්‍ර නොමැතිවීම නිසා මේවා කුමක් සඳහා ගබඩා කරගෙන සිටියේද යන්න ගැන සැක මතු වී තිබේ.

 සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරීක්‍ෂක කෝසල මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිසියට භාරදීමට කටයුතු කර තිබේ.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment