සරසවි සම්මාන උළෙල ජුනි 24 වැනිදා BMICH හිදී

51

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උළෙල 2025 ජුනි මස 24 වැනිදා සවස 7.00 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.

මෙම සරසවි සම්මාන උළෙල සඳහා සලකා බලනුයේ 2024 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙරට තිරගත වුණු ශ්‍රී ලාංකේය චිත්‍රපටයි. මෙවර සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකේය දමිළ භාෂිත චිත්‍රපට ද සලකා බැලෙනු ඇත.


advertistmentadvertistment