මාස දෙකට රිය අනතුරු මරණ 341ක්

161

මේ වසරේ (2024) ගතවූ මාස දෙකේදී දිවයිනේ සිදුවූ මාරක රිය අනතුරු 324 කින් පුද්ගලයන් 341 දෙනකු මරුමුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (06 දා) පැවසීය.

ඉන් බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව 651ක් බවත්, සුළු තුවාල ලැබූ පිරිස 1355ක් බවත් හෙතෙම කීය.

මින් වැඩිම අනතුරු සිදුවී ඇත්තේ යතුරුපැදි හා ත්‍රිරෝද රථ ධාවනයේදී බව ද හෙතෙම කියා සිටියේය.

පදික මාරුවකින් යම් පුද්ගලයකු ගමන් කරනවානම් ඔහු පදිකමාරුව මතට පාදය තබන වාත් සමගම එහි අයිතිය හිමිවන්නේ පදිකයාට බවත්, ඒ අනුව අදාළ මාර්ගයේ ගමන් කරන වාහන එම පුද්ගලයාට ඉඩදිය යුතු බවත් හෙතම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment