ගේම්කරුවන් දුන් අභියෝගයක් භාර ගෙන තට්ටු ගොඩනැගිල්ලකින් බිමට පැනලා!

392

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූ යාපනයේ සිසුවකුගේ දිවි නූලෙන් බේරෙයි

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවක සඳහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන සිය දිවිහානි කර ගැනීමට තැත් කොට තිබේ.

එම සිසුවා තට්ටු ගොඩනැගිල්ලේ අසාමාන්‍ය ලෙසට ගමන් කරන ආකාරය දුටු ගුරුවරුන් හා සිසුන් පිරිසක් ඒ පිළිබඳ අවධානයෙන් සිටිද්දී සිසුවා එක්වරම තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබේ.

වාසනාවකට මෙන් දැනට විදුලිය සපයා නැති පැරණි විදුලි රැහැන් පද්ධතියක සිසුවා පැටලී බිම වැටීමට සෑහෙන කාලයක් ගත වූ නිසා ගුරුවරුන් හා සිසුන් සුළු තුවාල ලැබූ සිසුවා බේරාගෙන ගිලන් රථයක ආධාරයෙන් රෝහල් ගත කිරීමට හැකි වී තිබේ.

ඔහු එදින පාසලට රැගෙන එන ලද පොත් බෑගය පරීක්ෂා කිරීමේදී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සදහන් කරමින් ඔහු විසින් ලියා තිබූ පිටු 7 ක ලිපියක් ගුරුවරුන්ට හමු වී ඇත.

එම පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ඔහු වෙත ලබා දෙන යම් අභියෝගයක් බාරගත යුතුව ඇති අතර මේ සිසුවාද එවැනි අභියෝගයක් බාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබේ.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment