සුවය ලැබූ කොවිඞ් රෝගීන් ලක්ෂ හතර ඉක්මවයි

79

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 18,147ක් අද සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කිරීමත් සමග මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන ලක්ෂ හතර ඉක්මවීය.ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 408,116ක් දක්වා ඉහළ ගියේය.
එසේම තවත් කෙරෝනා ආසාදිතයින් 1946 ක් වාර්තාවිය. එම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 476,078කි .
අද සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මරණ 175ක් වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 10,864 දක්වා ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment