සජබයට ආණ්ඩුවට එන්න කියන්නේ පොදුජන පෙරමුණේ දක්ෂයින් නැති නිසයි – මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

73

සමගි ජන බලවේගයට ආණ්ඩුවට එන්න කියලා කතා කරන්නේ පොදු ජන පෙරමුණේ දක්ෂයින් නැති නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

මේ දිනවල රටපුරා කවි කතන්දර ඇහෙනවා. ඇමැතිකම් ගැනත් කතා වෙනවා. අද රටේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ. හැබැයි පොදුජන පෙරමුණ ආණ්ඩුවක් රටේ තියෙන්නේ. සමගි ජන බලවේගයට ආණ්ඩුවට එන්න කියලා කතා කරන හේතුව මොකක්ද, අපි දකිනවා පොදුජන පෙරමුණේ අය දක්ෂ නැහැ. එක්කෝ ඒ අයගේ අඩුපාඩු තියෙනවා, නිර්මාණයශීලී නැහැ. එනිසා අමාත්‍යංශයවලින් කිසි දෙයක් වෙන්නේ නැති නිසාද සමගි ජන බලවේගයට අඬගහන්නේ. සමගි ජන බලවේගය කවුරුත් ආණ්ඩුවට යන්න සූදානමින් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අපි දැක්කා ඇමැති කටු සූප්පු කරන කණ්ඩායමක් ඉන්නවා. කාට හරි ඇමැතිකම් හිඟමනේ යන්න ඕනනම් සමගි ජන බලවේගයෙන් කරුණා කරලා ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ ගෝනියක් දාගෙන පොල්කට්ටක් අරගෙන ඉඳගන්න.

සමගි ජන බලවේගය විපක්ෂය විදියට මේ රටේ ලොකු වැඩ කොටසක් කරනවා. අපි ජනතාවට කියනවා බලය දුන්න දවසට ඇවිත් ආණ්ඩුවේ වාඩි වෙලා වැඩටික කරන්නම්. අපි ගාව වැඩපිළිවෙළක් සහිත දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. අලු‍ත් වෙනසක් ඕන කියලා තරුණ තරුණියෝ එළියට ඇවිත් කිව්වා. ඒ වෙනස තියෙන්නේ සමගි ජන බලවේගයේ අපි ගාව විතරයි. ඉදිරි කාලය තුළ ආණ්ඩුවක් කරනවා නම් ඉන් සිදු කරන්නේ ආර්ථික විප්ලවයක්, පරිපාලන විප්ලවයක්, දේශපාලන විප්ලවයක් ඇති කරමින් රට වෙනස් කරන ගමනට සූදානම් කිරීමටයි. එයට සැලසුම් නිර්මාණ සියල්ල අපි තුළ තියෙනවා. අවශ්‍ය කණ්ඩායමක් ඉන්නවා. අද ඒ හැකියාවන් තියෙන දක්ෂයන්ට ගිහිල්ලා වාඩිවෙලා කරන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව පුන පුනා කියනවා විපක්ෂයට ඇවිත් සහයෝගය දෙන්න කියලා. හැබැයි මේ රටේ ජනතාව දැනගන්න ඕන මේ කරන්නේ පට්ටපල් බොරුවක් බව. සමගි

ජනබලවේගයේ දක්ෂයෝ ඉන්නවා. ඒ අයට අවස්ථාව දෙන්න ඕන කියලා කියනවා නම් පාර්ලිමේන්තුවේ කාරක සභා හරහා ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන කාරක සභා එකක වත් සභාපතිධූරය අපේ දක්ෂ කිසි කෙනෙකුට දුන්නේ නැහැ. මුදල් කාරක සභාව, කෝපා එක, කෝප් එක කිසි දෙයක් දුන්නේ නැහැ. ඊට අමතරව දැන් විශේෂ කමිටු ප්‍රමාණයක් සූදානම් වෙලා තියෙනවා. ආර්ථිකය ගැන පරිසරය සම්බන්ධව හා රටේ ඉදිරි අනාගත සැලසුම් සම්බන්ධව. ඒ එකක වත් සභාපති ධූර සමගි ජන බලවේගයට දීලා නැහැ. ආණ්ඩුවේ පල්වෙච්ච ජනතාවට එපා කරපු කණ්ඩායම නැවත වතාවක් එවායේ වාඩි වෙලා ඉන්නවා.

අයි.එම්.එෆ්. යන එකට විරුද්ද වුණෙත් නැහැ. තෙල් මිල අඩු කරද්දි ගෑස් මිල අඩු කරද්දි විදුලි බිල ප්‍රශ්න එනකොට අපි කිව්වේ නැහැ ආණ්ඩුවට ඒවා කරන්න එපා කියලා. ජනතාවට සහන දෙන්න කිව්වා විතරයි. හැබැයි ජනතා විරෝධී වැඩසටහනක් රටේ සිදුවෙන කොට විපක්ෂයක් විදියට අපි නැගිටිනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දියට විතරක් අපි ඇස්තමේන්තු කරල තියෙනවා ඩොලර් බිලියන 6.5ක්. මේ ඩොලර් බිලියන 6.5 රටට ලැබුනේ නැත්නම් එ ජනාධිපතිතුමා ප්‍රමුඛ සම්පූර්ණ ආණ්ඩුව වගකියන්න ඕන. මෙම නෞකාව නිසා පරිසරය විනාශ වුණා. ධීවර කර්මාන්තය කඩා වැටුණා.

පාස්කු ප්‍රහාරය කරපු උන් ටිකට සියල්ලම අල්ලන්නේ නැතිව ඒවා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා පල්ලියට දේවස්ථානයට පොලිසිය සහ හමුදාව දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. දේවස්ථානවලට ආරක්ෂාව දැම්මට කමක් නැහැ. අපි විරුද්ධ නැහැ. හැබැයි මතක තියාගන්න මූලික බීජය එළියෙ තියෙනවා නම් එවැනි ත්‍රස්තවාදීන් එළිය ඉන්නවනම් ඒක තමයි මුලින්ම අල්ල ගන්න ඕන.

advertistmentadvertistment
advertistmentadvertistment