ලංකා ඔටෝමොබයිල් සංගමය වව්නියාවේ දිළිඳු පවුලකට නිවෙසක් පිරිනමයි

60

ලංකා ඔටෝමොබයිල් සංගමයේ ධන පරිත්‍යාගයෙන් හා ශ‍්‍රී ලංකා රෙජිමේන්තුවේ 7 වැනි බලඇණියේ සියලූම රණවිරුවන්ගේ පූර්ණ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද අංගසම්පූර්ණ නිවස වව්නියාව බෝගස්වැව ජේ. එම්. එස්. ජයලත් මහත්මියට ඉකුත් 25 වැනිදා ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා හා ලේකම් දේවපි‍්‍රය හෙට්ටිආරච්චි, විධායක කමිටු සාමාජික පී. බී. කුලතුංග යන මහත්වරුන් විසින් ප‍්‍රදානය කරන ලදී.

 මෙම උත්සවය සඳහා 56 වැනි පාබල සේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ. යූ. කේ. එල්. පෙරේරා සහ 563 පාබල බල සේනාවේ බල සේනාධිපති බි‍්‍රගේඩියර් කේ. පී. ඒ. පෙරේරා ඇතුළු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment