ධුරයෙන් ඉවත් නොවන බව මහ බැංකු අධිපති කියයි

307


තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසීය.
මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නැහැ. මම යනවා නම් යන්නේ මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි. ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා.

advertistmentadvertistment
advertistmentadvertistment