කොවිඩ් අවදානම යළිත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

106

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මෙරට කොවිඩ් වසන්ගතය ඇරඹුණු 2020 මාර්තු මස සිට මේ දක්වා කාලය තුළ දිවයිනේම කොවිඩ් රෝගීන් හයලක්‍ෂ හැත්තෑඑක්දහස් අටසිය හැත්තෑපස්දෙනකු (6,71,875) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

එසේම මෙම කාලයේදී කොවිඩ් රෝගයට ගොදුරුවී දහසය දහස් අටසිය දහහත්දෙනකු මරණයට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

කොවිඩ් රෝගය යළිත් ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවත්, මේ නිසා ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් ඒ මහතා කීය.

මේ වනවිට බොහෝ දෙනකු මුව ආවරණ නොපැළඳ බස්රථ තුළ ගමන් කරන බවත්, තවත් අය දුරස්ථභාවය අමතක කර හැසිරෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන්ගේ ගණන 13ක් බව ද හෙතෙම කීය.

නිවසින් බැහැරට යන්නේ නම් මුව ආවරණ පැළඳ ගමන් කිරීම ඉතා යෝග්‍ය බව ද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment