සල්ලි එන්න කලින් ඡන්ද දිනය දුන් මැ. කො. ස. ට දැන් බාලගිරි දෝෂය

148

ණයට වැඩකර ගත්තාට ණය බේරන්නේ නෑ – මුද්‍රණාලයාධිපතිනිය කියයි

මැතිවරණ කොමිසමට රජයේ මුද්‍රණාලය ණයට වැඩ කළත් ඔවුන් ණය මුදල් ගෙවා නැතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉකුත් සති කීපයේ අවශ්‍ය ලිපි ලේඛන මැතිවරණ කොමිසමට ණයට මුද්‍රණය කළ බව සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය ඔවුන් පසුගිය වසර තුළත් තම ආයතනයට ණය වී තිබෙන බව ද කීවාය.

මුදල් ලේකම්වරයා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබාදීමටත් කලින් ඡන්දයට ඔවුන් දින යොදාගත් බව ද දැන් බලන විට මැතිවරණ කොමිසමට බාලගිරි දෝෂය වැළඳී ඇති බව ද ඇය කීවාය.

අඩුම තරමින් මෙතෙක් සිදුකළ මුද්‍රණ වැඩවලට මුදල් ලබා දුන්නේ නම් ඉදිරි පළාත් පාලන මැතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකි යැයි ද ඇය සඳහන් කළාය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment