ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙයි

236

ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඉල්ලා අස්වී තිබේ. ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ආයතනික වර්ගවාදය ක්‍රියාත්මක වන බවට සිදුකෙරණු චෝදනාවකින් අනතුරුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ස්කොට්ලන්තයේ වැඩිම කඩුලු ලාභි පන්දු යවන්නා වන මජිඩ් හක් විසින් ‘ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ආතනික වශයෙන් ජාතිවාදී බවට චෝදනා කර තිබිණි. පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේදී මජිඩ් හක් විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ඊයේ (25 වැනිදා) නිකුත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව එම වාර්තාව ලැබීමට නියමිතව තිබියදී ඊට පෙර දින ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් එහි අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරි වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කොට තිබිණි.


advertistmentadvertistment