ස්මිත් ටෙස්ට් ලකුණු දසදහස පසු කරයි

64

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ වෝන් – මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේදී ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත්ට ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණයේ ලකුණු 10,000 සීමාව පසුකර යෑමට හැකි විය.

ඒ අනුව ලොව පස්වැනි වේගවත්ම පිතිකරුවා ලෙසට ද ස්මිත් පත් විය.

ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ මෙම ලකුණු 10,000 ලබා ගැනීමට ඉනිම් 205ක් ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරග 115කට මුහුණ දී ඇති අතර ශතක 34ක් සහ අර්ධ ශතක 41ක් ලබාගෙන තිබේ. මේ වනවිට ස්මිත් ටෙස්ට් දිවියේ ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 239ක්ය.

ලකුණු 10,000 ලබා ගැනීමට පන්දු 18672කට මුහුණ දී තිබේ. ලකුණු 10,000 සම්පූර්ණ කළ ලැයිස්තුවේ මුලසුන හොබවන්නේ ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර්, රිකී පොන්ටින්, ජක්කාලිස්, රාහුල් ඩ්‍රාවිඩ්, ජෝරූට්, ඇලෙක්ස්ටෙයාර් කුක්, කුමාර සංගක්කාර, බ්‍රයන් ලාරා, ශිවනරීන් චන්ද්‍රපෝල්, මහේල ජයවර්ධන, ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, සුනිල් ගවස්කාර්, යුනිස් ඛාන්ය. ස්මිත් මෙම ලැයිස්තුවේ 16 වැනියායි.

ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණි අතර එහිදී ශතකයක් වාර්තා කරන්නට ද සමත් විය.


advertistmentadvertistment