සාක්‍ෂි පරස්පරයි කුඩු නඩුවේ විත්තිකරු නිදහස්

40

හෙරොයින් ග්‍රෑම් 1.76ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් ලබාදුන් සාක්‍ෂිවල පැවති බලවත් පරස්පරතා නිසා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

නිසාන් මොහොම්මදු ඉන්සාන් නමැති විත්තිකරු වෙනුවෙන් නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල හා නීතිඥ චරිතා මධුවන්ති යන නීතිඥ මඬුල්ල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා පෙනී සිටියේය. 2017.04.03 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පොලිසිය විසින් එම විත්තිකරුව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment