අයි.එම්.එෆ් එකේ විශේෂ ප්‍රකාශය අද

128

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් ඔවුන්ගේ විශේෂ ප්‍රකාශයක් අද (21 දා) නිකුත්කිරීමට නියමිතය.

අද දින සවස 3.00ට එම ධූත පිරිස පවත්වන මාධ්‍ය හමුවට සමගාමීව මේ ප්‍රකාශය නිකුත් කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ආණ්ඩු පක්ෂ, විපක්‍ෂ දේශපාලන නියෝජිතයන් සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම තවත් රාජ්‍ය නියෝජිත කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා තිබේ.

මෙම ධූත පිරිසේ නායකත්වය දැරුවේ මූල්‍ය අරමුදලේ මෙරට ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා විසින් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවට සහය දක්වන වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා මෙම ශ්‍රී ලංකා සංචාරයේ නිරත විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment