සාපෙළ සමත් අසමත් නොසලකා වෘත්තීය විෂය ධාරාවෙන් උ.පෙළට ඇතුළත්වීමට අයදුම්පත් කැඳවයි

148

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

2025 වසරේ සිට වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල්වලට ඇතුළත්වීම සඳහා සිසුන්ට අයදුම්පත් යොමු කළ හැකි අතර මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර 13 ශ්‍රේණියේ වෘත්තීය විෂයයන් අතරින් එකක් යටතේ ජාතික වෘත්තීය සුදුසුකම (භඪූ) ලබාගැනීමට සිසුන්ට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ළමා මනෝවිiාව හා ආරක්ෂණය සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, සංචරණ හා ආගන්තුක සත්කාර, භූ දර්ශන නිර්මාණකරණය, ව්‍යවහාරික උiාන, විiා තාක්ෂණය අධ්‍යයනය, පශු සම්පත් නිෂ්පාදන තාක්‍ෂණ අධ්‍යයනය, ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය යන විෂයන් ඇතුළු විෂයන් 28ක් අතුරෙන් එක් විෂයක් තෝරාගත හැකිය.

වැඩිදුර තොරතුරු සතියේ දිනවල පෙරවරු 9.00 සිට 4.00 දක්වා 0112787136/0112786746 අංක ඇමතීමෙන් දැනගත හැකිය.
චමින්ද සිල්වා


advertistmentadvertistment