සුනාමි සැමරුම් පැරෑලියේදී

215

සුනාමි ඛේදවාචකය සිදුවී වසර 19ක් පිරීම නිමිත්තෙන් සුනාමියෙන් මියගිය අය සිහිපත් කෙරෙන ප්‍රධාන සුනාමි සැමරුම් උත්සවය ඊයේ (26දා) පෙරවරුවේ ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..

ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේදී සුනාමි රළ හේතුවෙන් අනතුරට පත් දුම්රිය මගීන් සිහිපත් කරමින් ඊයේ එම වේලාවටම දුම්රිය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස දුම්රියෙන් පැමිණ සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ. සුනාමියෙන් මියගිය පිරිස් සිහි ගන්වමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් අනතුරුව සර්ව ආගමික වතාවත් පැවැත්විණි. පසුව සුනාමි ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීම සිදු විය.

සුනාමි සැමරුම් පැරෑලියේදී

මෙහිදී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධර්මකීර්ති, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීහු, රාජ්‍ය නිලධාරීහු, විදේශිකයෝ සහ ප්‍රදේශවාසීහු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වුහ.

සුනාමි සැමරුම් පැරෑලියේදී

ගාල්ල-ලලිත් චාමින්ද, එස්.කේ.කළුආරච්චි, හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්, බලපිටිය අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment